Colombo Today Local News

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත ඒවා බව පවසමින් බදු සහන ලබාගෙන ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක ට තමා සහ තම සොහොයුරා සම්බන්ධ බවට මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන්, එම ප්‍රකාශය සිදුකල තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන ලසන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් තම නීතිඥයින් මාර්ගයෙන් යොමුකල බව කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පසුගිය දිනවල රේගු අධ්‍යක්ෂවරිය එම තනතුරින් ඉවත්කිරීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇතිබවත් එයට ආසන්නම හේතුව ලෙස මෙම ආනයනික ගම්මිරිස් තොගය හා සිදුවීමක් සම්බන්ධ බවටත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු මෙම ව්‍යාපාරය පසුපස ඇතිබවත්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන පුද්ගලයා විසින් ඉකුත්දා (2019-02-06) වෘත්තිකයන්ගේ ජාතික පෙමුණ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පවසා තිබුනි.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු විසින් තමා සම්බන්ධ කරගනිමින් කල ප්‍රකාශය කිසිදු සත්‍යතාවක් නොමැති අතර එම පදනම් විරහිත ප්‍රකාශයෙන් තමාගේ කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් මෙම එන්තර වාසිය එම පුද්ගලයා වෙත තම නීතීඥවරුන් මාර්ගයෙන් යොමුකල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

colombotoday

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin

බුරවි සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

colombotoday

ජනපතිට මඩ ගහන්න කෝපි කඩේ ටෙලි කථාංගයක් හදයි… සේවක විරෝධයෙන් විකාශය නවතී.

colombotoday