Colombo Today Local News

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

කොලඹ වටලනවා කියලා උද්ඝෝණය කරන්න ආව ලොකු ඇත්තෝ හෝටල්වල සැප ගන්න කොට අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි ආව මිනිස්සු තැන තැන වැටිලා කාණු පල්ලෙයි හැම තැනම හිටියා. ඕක තමයි රාජපක්ෂලාගේ සංස්කෘතිය.

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ.

අපි නිදහස් රටක් අපිට ඕන විදිහට අපේ රටේ තීන්දු තීරන ගන්නවා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා ඇයි ඉන්දියාවේ අගමැතිතුමාට කියන්නේ.ඊළග ජනාධිපතිවරණයට මගේ සහෝදරයෙක් ඉදිරිපත් කරනවා කියලා.

-අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි-

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 424 ක වියදමකින් ඉදි කල කහවත්ත බෝළුකදුර මඩලගම ජනපදය යා කැමින් ඉදි කල පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

ගොඩාක් අය හිතා ගෙන ඉන්නේ මේ පුංච් රට දුප්පත්කමට ඇදලා දාලා මිනිස්සුන්ව හිගන්නු බවට පත් කරලා බලය තහවුරු කරගන්න විතරක් බඩු ටිකක් මොනවා හරි බෙදලා හැමදාම බලය පවත්වා ගෙන යන්න පුළුවන් විදිහට තියෙන්නේ මේක රාජපක්ෂලාගේ බුදලයක් කියලා. අද ඒක අමතක වෙලා තියෙනවා .රාජපක්ෂලාටත් ඒක අමතක වෙලා තියෙනවා.මෙහේ ඉන්න රාජපක්ෂලා විතරයි මෙකේ ඉන්නේ කියලා රාජපක්ෂලාට කඩේ යන අයත් හිතා ගෙන ඉන්නේ මේක රාජපක්ෂලාගේ විතරයි කියලා.තමුන්නාන්සේලාට මම වගකීමෙන් කියනවා තමුන්නාන්සේලා බය වෙන්න එපා කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ.ඒකට කරුණු කාරණා තියෙනවා දුන් බලන්න ඊයේ පෙරේදා යනවා ඉන්දියාවට පුතණ්ඩියා එක්ක .මොකට ද යන්නේ පස් වෙනිදා තිබ්බා උද්ඝෝෂණයක් .මේ උද්ඝෝෂණය කරන්නේ මල්ලිලාගේ ද බරි වැඩි පුතාලාගේ ද බර වැඩි කියලා බලන්න.නාමල් බේබිට ද බලය තියෙන්නේ එහෙමත් නැත්නම් බැසිල් මල්ලිට ද බලය තියෙන්නේ නැත්නම් ගෝඨාභය මල්ලිට ද බලය තියෙන්නේ බලන්න තමයි මේ උද්ඝෝෂණය තියන්නේ.අනේ ඉතිං මේවා තියන්න එපා මේකට අකමැති වෙච්ච සහෝදරයා යනවා ඇමෙරිකාවට.නාමල් බේබි මේක කරන්න පටන් ගත්තා එලිවෙනකල් ඉන්නවා කිවුවාට අරලියගහ මන්දිරය වටලනවා කිවුවා .කොළඹ වටලනවා කිවුවා.

මේ ඔක්කොම කියලා අන්තිමට ෂැන්ග්‍රිලා හෝටලය ටාජ් හෝටලය හිල්ටන් හෝටලය ඒවාගේ කාමර වෙන් කර ගෙන ලොකු ඇත්තෝ ඒවාගේ සැප ගත්න කොට බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි කොළඹ ගෙනාපු මිනිස්සු තැන තැන වැටිලා ඒ ගොල්ලන්ට වෙච්ච දෙයක් නැතිව කාණු පල්ලෙයි හැම තැනම හිටියා.ඕක තමයි රාජපක්ෂලාගේ සංස්කෘතිය .අපි දන්නවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවට ගියේ මොකට ද කියලා.එයා හරි බයයි ඉන්දියාවට.ගිහිල්ලා කිවුවා අපි පේල් වුනේ නැහැ මේ උද්ඝෝෂණය කරන්න නාමල් පුතා ඉක්මන් වුණා.මොකක් ද ඉන්දියාවට ගිහිල්ලා කියන්නේ මහ ලොකුවට මේ යුද්දේ අවසන් කළා කියලා .අපි නිදහස් රටක් .අපි අපිට ඕන විදිහට අපේ රටේ තීන්දු තීරන ගන්නවා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවැයි ඉන්දියාවේ අගමැතිතුමාට කියන්නේ.ඊළග ජනාධිපතිවරණයට මගේ සහෝදරයෙක් ඉදිරිපත් කරනවලු .අපි මොකට ද ඉන්දියාවට කියන්නේ මොකාට ද එන්න දෙන්නේ කියලා.අපි මොකට ද ඉන්දියාවට කියන්නේ සහෝදරයා ද ඉදිරිපත් වෙන්නේ මම ද කියලා.එක පැත්තකින් තියෙන බල තණ්හාව.මහා ලොකු ඉතිහාසයක් තියෙනවා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට .මහා ලොකු ඉතිහාසයක් තියෙනවා නම් ඇයි මේ පක්ෂය එක පවුලකට විතර ද ලියලා දීලා තියන්නේ .අද පොහාට්ටුව පුම්බන්න කඩේ යන උදවිය හිතන්න ඕන ඔය රාජපක්ෂගේ හිත යට තියෙන්නේ මොකක් ද කියලා අදත් උත්සාහ කරන්නේ ඊළග රාජපක්ෂ කොහොම ද බලයට ගේන්නේ කියලා.

අපි ඕන වෙලාවක මේවා අත අරින්න සුදානම්.අද පැරදුනත් හිතා ගෙන ඉන්නේ මම තමයි ජනාධිපති කියලා ලැජ්ජ නැතිව ඉන්දියාවට යන්නේ මොකටද ද ඊළගට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කියලා කියන්න.අපි අහන්නේ තාමත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මොලේ වැඩිලා නැද්ද .ඕකයි අපිට කණගාටුවෙන් අහන්න වෙලා තියෙන්නේ .මතක තියා ගන්න මේ රටේ ඒ ගොල්ලන්ට ඕන විදිහට නටන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ.ඉඩ තියන්නෙත් නැහැ.අද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු මේ විදිහට පොළඹලා .අද මොකට ද යන්නේ වෙන මොකටවත් නෙවෙයි කොහොමද මේ බලය ලබා ගන්නේ ආපහු තාත්තා කොහොම ද බලයට ගේන්නේ .බාප්පා කෙහොම ද බලයට ගේන්නේ නැත්නම් අයියා කොහොම ද බලයට ගේන්නේ කියන එක හැබැයි මේවා හැම එකක්ම කරන කොට අමතක වෙච්ච ඉතිහාසයක් තියෙනවා.තමුන්නාන්සේලාගේ බදු මුදල් වියදම් කරලා පෝස්ටර් එක බැනර් එක ගැහුවේ.මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු සහෝදර සමාගම සදාකල් බලයේ ඉන්නේ කොහොම ද කියලා කියලයි එහෙම වැඩ කළේ.හැබැයි කවුරු මොනවා කිවුවත් කමක් නෑ මේ පැත්තේ ඉන්න මේ පොහොට්ටු කල්ලියට කඩේ යන අයටත් කියනවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

දැන් ඉන්නේ පුදුම උවමනාවකින් කොහොම හරි බිල්ලක් දෙන්න මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න.හදන්නනේ ආණ්ඩුවට කියලා වෙඩි තියා ගන්න හැබැයි ඒක වැරදි චේතනාවක් මොක ද ඒ ගොල්ලෝ ඔක්කොම එදා මැරුවා.ඉන්ධන සහනාධාරය ඉල්ලපු ධීවරයින් ව මැරුවා .කටුනායක කලාපේ අය උද්ඝෝෂණය කරන කොට වෙඩි තිබ්බා.රෝෂේන් චානක මැරුවා.මේ රටේ මිනිස්සු වතුර ඉල්ලන කොට වෙඩි තිබ්බා .මාධ්‍ය වේදීන් මැරුවා අද උද්ඝෝෂණය කිරීමේ අයිතිය අපි තහවුරු කරලා තියෙනවා.

අද ආරක්ෂාවට පොලිසිය යොදවනවා නම් ඕනම රජයේ ආයතනයකට ඒ හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා.වෙඩ් තියන්න බැහැ.රජයේ දේපලකට හානි කළොත් අත් අඩංගුවට ගන්න නෙමෙයි ඇප නැතිව ඇතුලේ තියන්න පුළුවන්.

එදා කළෙත් මීනි විකුණගෙන කන එක අද කරන්නෙත් ඒක.අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.මම කියන්නේ මෙහෙ ඉන්න පොහොට්ටුවේ සහෝදරයන්ට දැන් යනවලු නුවර වටලන්න .අනේ වටලන්න යන කොට පරිස්සම් වෙන්න ඔය ගොල්ලෝ කඩේ යවලා බලයට ආවට පස්සේ ළං වෙන්නවත් බැහැ.ළං වෙන්න වත් බැරි උදවිය දිනවන්න බලයට ගේන්න තමයි මේ කඩේ යන්න හදන්නේ.ඒ හින්දා මම කියන්නට ඕනේ රාජපක්ෂ මහත්තයා බොහොම දුර්වල චරිතයක් හැටියට ඉන්දියාවට ගිහිල්ලා ලැජ්ජ නැතිව.ලොකුම කාරණයක් හැටියට තමන්ගේ පවුල රජ කරවන්න ඕනේ කියලා කල්පනා කරන එක ලංකාවේ කරලා පෙන්නවා විතරක් නෙමෙයි.අද ජාත්‍යන්තරයට ගෙනියලා ඉන්දියාවටත් ගිහිං කියනවා මගේ සහෝදරයා තමයි ජනාධිපතිවරණයට එන්නේ කියලා.
ඉතිං ඒ නිසා එහෙම න්‍යාය පත්‍ර අපට නැහැ.අපේ අගමැතිතුමා අපේ ජනාධිපතිතුමා වැඩ කරන්නේ නිදහසක් තිබිච්ච නැති රටක මීනි මරපු රටක අධිකරණයේ ස්වාධිනත්වයක් තිබුණේ නැති රටක මාධ්‍ය වේදීන් මරපු රටක.රජයේ සේවකයින් ඉතා අමාරුවෙන් වැඩ කරපු යුගයක් වෙනස් කරලා අද කාටත් අපිට විරුද්ධව දේශපාලනය කරන්න හරි ඔය මේ සංවර්ධන නිලධාරීන්ලා රජයේ නිලධාරීන්ලා කරනවැයි කියන වැඩ ටික කර ගෙන යන්න.අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා.ඒක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන

යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Related posts

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

“මේ ආණ්ඩුව නිසා සාධාරණය ඉටුවුණා.. මරණ දඩුවම ගැන දුකයි“ – හිරුණිකා උසාවියේ හඩාවැටෙයි

colombotoday

“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

colombotoday

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday

සාලාව අවි ගබඩාව පිපිරෙව්වා.. ඉතිරි බර අවි මූදට දැම්මා – විමල් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

colombotoday

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

colombotoday