Colombo Today Local News

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

ආන්දෝලනාත්මක  බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ආයතනවල නාමාවලියක් කොමිසම වෙත භාරදෙන්නැයි බැදුම්කර විමර්ෂණ කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඊයේ නියෝග කළේය.

ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට භාර දිය යුතු බවටද මෙහිදී නියෝග කෙරිණි.

ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, ‘ඒෂියා වොයිස් නෙට් වර්ක්‘ නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ ‘ජනයුගය‘ පුවත්පත් මුද්‍රණය කරන ‘ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්‘ නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළ තොරතුරු බවයි හෙළිවන්නේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම තොරතතුරු සෘජුවම කොමිසමේ ලේඛකාධිකාරීවරයාට බාර දීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටි අතර ඊට අවසර හිමිවිය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිම් මාර්ග දෙක තාවකාලිකව වැසේ..

colombotoday

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

colombotoday

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday