Colombo Today Local News

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය සිවරූබන් මහතා ඊයේ (18) දින රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් අනතුරුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අදාළ  වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර මේ වන විට අදාළ  වෛද්‍ය වරයාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියි.

අත්අඩංගුවට පත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වන අතර ප්‍රධාන වෛද්‍යවරයාගේ සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ  නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Related posts

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

colombotoday

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday