Colombo Today Local News

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති   ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ    සිදුව  තිබෙන  දූෂණ හා අක්‍රමිකතා  හේතුවෙන්  පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

මෙකී දූෂණ අක්‍රමිකතාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ හෝ නිහඩ අධීක්ෂණය යටතේ සිදුව ඇති බව නිරීක්ෂණය වන බවට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දෙමින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මේ අනුව ඌව පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජ්‍ය සාමාජිකයෙන් හය දෙනෙකුට ලබන 6 වැනිදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ලෙසට ද ආණ්ඩුකාරවරයා සිය ලිපිය මගින් තවදුරටත් දැනුම් දී තිබේ.

අනුමත කාර්ය මණ්ඩලයට අමතරව බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා සුදුසුකම් නොමැති අය සේවයට බදවා ගැනීම,ප්‍රඥාප්ති සංශෝධනයට පෙර හා පසුව බදවා ගත් කාර්ය මණ්ඩලය වෙත වැටුප් දීමනා ගෙවීමේදී වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබීම හා අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා හැරීම,බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම, බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම මගින් ප්‍රවාහන අධිකාරිය වෙත හිමිවීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් අහිමි වීම,මාසික ලොග් බලපත්‍ර ගාස්තුව විධිමත් පරිදි අයකර නොගැනීම මත අධිකාරියේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීම පිළිබද නොසැළකිල්ලක් දැක්වීම,රියදුරු කොන්දොස්තර බලපත්‍ර නිසි පරිදි අලුත් නොකිරීමට කටයුතු කිරීමෙන් අධිකාරිය වෙත ලැබීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් නොගැනීම යන චෝදනාවන් මෙම පාර්ශවය වෙත එල්ල වී තිබේ.

මීට අමතරව බස් රථධාවනයේදී සිදුවන එක්එක් අඩුපාඩු මත අයකරනු ලබන දඩ මුදල් නියමිත දඩ මුදලට වඩා අඩුවෙන් අයකිරීමෙන් අධිකාරියට පාඩුවක් සිදුකිරීම,බස්රථ සදචහා ටිකට් පොත් අලෙවි නොකිරීම හා බස් රථ හිමියන් ටිකට් පොත් ලබා නොගැනීම මත ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හා ටිකට් පොත් අලෙවියෙන් අධිකාරියට ලැබීමට ඇති අදායමක් අහිමි කිරීම,මාර්ග බලපත්‍ර අළුත් කිරීම,මාරුකිරීම යනාදී කටයුතු වලදී නිසි අනුමැතියෙන් තොරව කටයුතු කිරීම,ඉහත කාරණාවන්ට අනුව අධිකාරිය වෙත ලැබිය යතු දාදායම් ලබානොගැනීමට කටයුතු කිරීම මත කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ගෙවීමට බැංකු අයිරා පහසුකම් හා ණය අත්තිකාරම් ලබාගැනීමට කටයුතු කිරීම,මෙම අධිකාරියේ තීරණ ඝන පූර්ණයක් නොමැතිව ගෙන  යෝජනා අනුමත කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් චෝදනා 11ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වෙත එල්ල කර තිබේ.

ඉහත හේතුන් මත ඌව පළාත් ප්‍රවාහන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් ද උද්ගත වී ඇතැයි ආණ්ඩුකාරවරයා ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඉහත සඳහන් අක්‍රමිකතාවන් සම්බන්ධයෙන්  ඌව පළාත් ක්‍රීඩා  අමාත්‍යංශ ලේකම් දසයානන්ද රත්නායක, ක්‍රීඩා අමාත්‍යංශයේ ගණකාධිකාරී එච්.එන්.ඩී.ජයලත්,අධ්‍යාපන අමාත්‍යංශයේ ගණකාධිකාරී කේ.ඒ.ඒ.සංජීව,පළාත් පාලන කොමසාරිස් එම්.එම්. විජේනායක,ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය චරිත බන්ඩාර,සහකාර පොලිස් අධිකාරී  ඩබ්.එම්.පී.කේ.වීරසේකර අයට ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය කාලය පුරාම සිදුවූ සිද්ධීන් මෙලෙස ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය මත විමර්ශනයට ලක්ව ඇතැයිද ඌව පළාත් සභාවේ ආරංචිමාර්ග සදහන් කර සිටීයි.

Related posts

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

colombotoday

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin