Colombo Today Local NewsTop Stories

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

උතුරු පළාත් සභාවේ පරිපාලනය ජනාධිපතිවරයා යටතට ගත යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි විග්නේෂ්වරන් පවසනවා.

එම ප්‍රදේශයේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබාදීමෙන් පසුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි යාපනයේ පැවති උත්සවයකදී ඒ මහතා කියා සිටියේ.

කෙසේවෙතත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙම දිනවල උතුරේ යහපත් පරිසරයක් ගොඩනැගී නොමැති බවද විග්නේෂ්වරන් අවධාරණය කළා.

ඒ මහතා සඳහන් කළේ උතුරේ දෙමළ වැසියන් තුළ කවර ආණ්ඩුවක් පිළිබඳව හෝ විශ්වාසයක් ගොඩනැගී නොමැති පරිසරයක් තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවට විශාල අවාසියක් සිදුවන බවයි.

ආණ්ඩුවට පක්ෂපාත උතුරේ දෙමළ පක්ෂ, උතුර පිළිබඳ රටට අසත්‍ය චිත්‍රයක් මවා පාමින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වාගැනීමේ උත්සහයක නිරත වන බවද සි.වි විග්නේෂ්වරන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday

ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.

colombotoday

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

colombotoday

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

පපුව රිදුනොත් පෝලිම අතහැර වහාම රෝහල් ගත වෙන්න. – සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

colombotoday

ජාතික ආණ්ඩුව ඉවරයි… මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි…

colombotoday