Colombo Today Local NewsTop Stories

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති


යෝජනාව හොඳ වුවත් 11 ශේ්‍රණියේ සිසුන් ගැනත් බැලිය යුතුයි – චතුර ගලප්පත්ති (එ. ජා. ප)

දකුණු පළාත් සභාව

දකුණු පළාත් තුළ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පංති පෝය දින හා ඉරිදා දින උදය වරුවේ නොපැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක්‌ 27 දින පැවැති දකුණු පළාත් සභාවට දකුණු පළාත් සභාවේ සභානායක චම්ලි විතනාච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්‌ථාවේ දී දකුණු පළාත් සභාවේ මහජන ගැලරියට දකුණු පළාත් නියෝජනය කරමින් ස්‌වාමින් වහන්සේලා විශාල පිරිසක්‌ ද වැඩම කර තිබිණි.

දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පසුගියදා (27දා) රැස්‌විය.

මෙහිදී යෝජනාව ඉදිරිපත් කළ දකුණු පළාත් සභාවේ සභානායක චම්ලි විතානාච්චි මහතා,

දකුණු පළාත තුළ පවත්වාගෙන යනු ලබන විහාරස්‌ථාන හා දහම් පාසල්වලට දහම් අධ්‍යාපනය හැදැරීම සඳහා සහභාගී වන ළමුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පවතින බැව් ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ලේඛකාධිකාරී හිමියන් දැනුවත් කර ඇත. මේ දිනවල පවතින අපරාධ රැල්ලට යොමු වී ඇති බොහෝ දෙනෙක්‌ දහම් පාසල් නොගිය අය බැව් එම හිමිවරුන් හඳුනාගෙන ඇත. එබැවින් ඒ සඳහා පළමු පියවර ලෙස දකුණු පළාත් තුළ සෑම පොහෝ දිනකම සහ ඉරිදා දිනයේ මධ්‍යහ්න 12.00 තෙක්‌ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ යුතු යෑයි යෝජනා කරන්නේය.

දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා (එජනිස),

මෙම යෝජනාව පහත පරිදි සංශෝධන සහිතව මම ස්‌ථීර කරනවා. සියලුම පෞද්ගලික පංති මැහුම්, නීති පංති, උසස්‌ පෙළ පංති ඇතුළු සියලු පංති පැවැත්වීම තහනම් කර යුතුයි. ඒ වගේම ඉරිදා දිනයේදී සවස 2.00 දක්‌වා එක වසර සිට එකොළහ වසර දක්‌වා පෞද්ගලික පංති නොපැවැත්විය යුතු බවට මෙම යෝජනාව සංශෝධනය කර ස්‌ථීර කරමි. මෙය 2.00 දක්‌වා දීර්ඝ කිරීමට තීරණය කරන්නේ 1.00 දැම්මොත් ඈත ඉඳලා එන දරුවා 10 වත් ගෙදරින් එන්න ඕන. එහෙම වුණොත් ඒ දරුවා දහම් පාසල් යන්නේ නෑ.

දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා (එජාප) මේක හොඳ යෝජනාවක්‌. මේක මෙහෙම වුණානම් අර මාතර දී සිදු වූ දෙය, බේරුවල දී සිදුනොවෙන්න ඉඩ තිබුණා. අද දහම් පාසල් නොයන දරුවන් යන්ත්‍ර වගේ වෙලා තියනවා. මෙහි දී පෞද්ගලික පංති නියාමනයක්‌ තිබිය යුතුයි කියලා මම හිතනවා. උදාහරණයක්‌ විදියට සල්ලි තිබුණට බස්‌ එකක්‌ ගන්න පුළුවන්. හැබැයි ඒක පාරට දාන්න නම් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. ඒ වගේම සියලු පෞද්ගලික පංති සියලු නියාමනයන් ඇති කරගත යුතුයි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා,

මේ යෝජනාව හොඳයි නමුත් මේක මීට වඩා වෙනස්‌ විදියකින් කරනවා නම් හොඳයි. මේ තහනම කරාම දරුවන්ට ඉරිදා උදේ වරුව තමන්ගේ නිවාඩුවක්‌ කරගන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට දහම් පාසලට ගියොත් ලකුණු දෙන වැඩ පිළිවෙළක්‌ හදාගනිමු. එතකොට පුළුවන් දහම් පාසල් නොයන දරුවන් දහම් පාසල් යවන්න.

දකුණු පළාත් සභා මන්ත්‍රී එජාප චතුර ගලප්පත්ති මහතා,

මේ යෝජනාවේ දී 11 වසර සිසුන් ගැනත් බලන්න ඕන. මේක 11 වසරින් ඉහළ කියලා සංශෝධනය වුණා නම් හොඳයි. තහනම් කිරීම මගින්ම පමණක්‌ නොවේ පද්ධතිය ඇතුලේ අධ්‍යාපන ඇමතිතුමා කිව්ව විදියට නීති නොදමා ක්‍රමවේදයක්‌ අනුව මේක කළ යුතුයි. දහම් අධ්‍යාපනය අනිවාර්යයි. එය සිදුවිය යුතුයි.

දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා (එජනිස),

මේ යෝජනාව හොඳයි. ඒ වගේම දහම් පාසල් ගුරුවරුන් සුදුසුකම් ඇති අය විය යුතුයි. එහෙම නැතිව දරුවන්ගේ අධ්‍යාපනයට තියන වේලාව නිරපරාදේ නාස්‌ති නොකර යුතුයි.

ඒ අනුව මෙම යෝජනාව දකුණු පළාත් සභාව තුළ ඒකමතිකව සභා සම්මත වූ අතර මේ සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් යුතු කමිටුවක්‌ ද පත් කළ අතර දෙසැම්බර් 31 දිනට පෙර අදාළ යෝජනාවට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස ද සභාපතිවරයා මෙහි දී දකුණු පළාත් සභාවට දැනුම් දෙන ලදී.

Related posts

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට ගිය කසල ලොරි‍යේ හිස් උණ්ඩ තොගයක්

Admin

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

colombotoday

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday