Colombo Today Local News

දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට ගිය කසල ලොරි‍යේ හිස් උණ්ඩ තොගයක්

ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාම සඳහා රජ වීදිය පොලිස් මුර කපොල්ලෙන් ඊයේ (18) සවස එම කසළ ලොරිය දැඩි ආරක්ෂක කලාපයට පිවිසීමට සැරසෙද්දී එහි ආරක්ෂක නිලධාරීන් විසින් එම කසල ලොරිය පරීක්ෂාකර ඇත.

සෝදිසි කිරීමේදී එම රියේ පැත්තක එල්ලා තිබූ පොහොර උරයක් තුළතිබී මෙම හිස් පතුරම්කොපු තොගය හමුව තිබේ.

කසල රථයේ රියදුරු සහ රිය සහයක පවසා ඇත්තේ නගරයේ යුද හමුදා කඳවුරේ කසල එකතු කිරීමේදී මෙම හිස් පතුරම් කොපුතිබෙන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසල ලොරියේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීරමහතා විසින් එම හිස් පතුරම් තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර භාරදී තිබේ.

Related posts

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

දකුණු කොරියාවට වැඩමකල ඥානසාර හිමිට සුවිශේෂී පිළිගැනීමක්

colombotoday

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday