Colombo Today Local News

කොළොන්නාවේ වෙඩි තැබීමක්

කොළොන්නාව – ගොතටුව මාර්ගයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදුණු පුද්ගලයා 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් “රාජා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

Admin

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin