Colombo Today Local News

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

ලුම්බිණියේ ගෞතම බුද්ධ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුතුව කඩිනමින් සංවර්ධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එවිට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඝෘජුවම පැමිණ ලුම්බිණිය වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් නේපාල ජනපති බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය ප්‍රකාශ කළාය.

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා නේපාල ජනාධිපතිනිය අතර ඊයේ (01දා) පස්වරුවේ පැවැති නිල හමුවේදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර ධීවර, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත‍්‍රයන්හි සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇත්තේ නේපාලයේ ශ‍්‍රී ලංකා බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කර ඇති ලුම්බිණි සංවර්ධන භාරය විසින් සකස් කර තිබෙන පුළුල් සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට තම උපරිමය සහය ලබාදෙන බවයි.

Related posts

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

Admin

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

ආසියා පැසිෆික් කළාපයේ හොදම මුදල් ඇමති රවී කරුණානායකලු

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday