Colombo Today Local News

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා.

තිරුපති කෝවිල වන්දනාමාන කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදුකරන බව සඳහන්.

අග්‍රාමාත්‍ය ආර්යා, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම රජයේ අමාත්‍යවරුන් හා ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඒ අනුව, ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස විශේෂ ගුවන් යානයකින් තිරුපති ගුවන්තොටුපළ බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ප්‍රාන්ත බලධාරීන් විසින් ඔවුන් පිළිගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පිරිස අද පස්වරුවේ යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.

Related posts

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday