Colombo Today Local News

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

wimal1අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව ආප්ප විප්ලවය සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නියැලී කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට යළි පැමිණි මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස අදහස් දක්වන ලදී.

රණවිරුවන් මාතෘභූමියට දිනා දුන් ජයග්‍රහණය සැමරීම නතර කරපු මේ ආණAඩුව ජනවාරි 08 වැනිදා සිදු කරනු ලැබූ “ආප්ප විප්ලවය” සමරන්න විශාල ජනතා මුදල් ප්‍රමාණයක් විනාශ කරමින් සිටිනවා. ඒ වගේම ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් සුද්දන්ගේ උසාවිය සහ රණවිරුවන් දංගෙඩියට දැක්කවීම පිළිබඳ ජනතා අවධානය වෙනත් පැතිවලට හරවන්නත් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ මේ තරම් ජනතා අප්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුළ නිර්මාණය වී නැහැ.

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි රටවල් 07කදී ඉහත කී දේශන 14කට අධික ප්‍රමාණයක් මේ කාලය තුළ පැවැත්වූවා. ඒවාට අතිවිශාල උද්යෝගීමත් සහභාගීත්වයක් දක්නට ලැබුණා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා, තම මව්බිම තුළ සිදු වන දේ තේරුම් ගන්න. ඒ වගේම ඔවුන් දැඩි අධිෂ්ඨානයක සිටිනවා, මේ අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම සඳහා රටින් බැහැරව සිටියත් තම යුතුකම හා වගකීම ඉටු කිරීමට.

Related posts

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

රත්තරන් මිල පහළට

colombotoday

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin