Colombo Today Local News

ආණ්ඩුව රැකගන්න මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කරන්නේ නෑ – ජනපති

187ezkr4ay8m4jpg

මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට ආණ්ඩුවත් පෙරළෙයි. අරක්කු සිගරට් බොන අය ඒ තරම් ප්‍රබලයි.‘ මෛත්‍රිපාල සිරිසේන ජනපති කෑගල්ලේදී අද එසේ ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමක් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී අමතමින් ජනපති එසේ කීවේය.
ඕනෑම වේලාවක මත්ද්‍රව්‍ය තහනම් කිරීමට ජනපති සූදානම් යැයි කී විට සභාවේ සිටි අය අත්පොළසන් දී සතුට පළ කළහ. ජනපති එවිට පැවසූයේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 11,500 ක බදු ලැබෙන බවයි.
මත්ද්‍රව්‍ය වලින් කෝටි 6000 ක්ද දුම්වැටිවලින් කෝටි 5500 ක් ද බදු රජයට ලැබෙන බව ජනපති කීවේය.
කළ යුතු හොඳම දේ මතට හා දුමට ඇබ්බැහි වූවන්ද ඇබ්බැහි නුවූවන්ද දැනුවත් කර ඔවුන් ඉන් වළක්වා ගැනීම බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

 

Related posts

බස් රථයක් වෑන් රථයක ගැටී මාස 4ක බිළිඳෙක් මිය යයි

Admin

රත්නපුරයෙන් හමුවූ ලොව විශාලතම ආරුනූල් මැණික ස්විට්සර්ලන්තයට

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday