Colombo Today Local News

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

රජයට එරෙහි ජනතාවට රජය කුමන අයුරින් බාධා කළත් ඒ බාධාවන් සියල්ල ශක්තියක් කරගෙන මේ රජය ගෙදර යන තුරු මේ සටන අත්නොහරින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (5) සඳහන් කළේය. වත්මන් රජය ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ඊයේ (5) කොළඹට පැමිණි ලක්ෂ 5කට ආසන්න ජනතාව ධෛර්යමත් කරමින් ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. රාජපක්ෂ මහතා මෙහිදී ජනතාවගෙන් ප්‍රශ්න කිහිපයක්ද ඇසීය.

රාජපක්ෂ මහතා – අද ඔයාලා කොළඹට ආවේ ඇයි?

ජනතාව – ආණ්ඩුවට ගෙදර යන්න කියන්න.

රාජපක්ෂ මහතා – අද ඔයාලා යන්නේ නැද්ද?

ජනතාව – නෑ නෑ මේ යමපාලන ආණ්ඩුව ගෙදර යනකම් අපිත්  කොළඹින් යන්නේ නෑ.

රාජපක්ෂ මහතා – හොඳයි ඔහෙලා එහෙම කියනවා නම් මමත් අද ඔයාලා එක්ක කොළඹ නගරයේ රැය පහන් කරනවා.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමකින් උපයාගත් රුපියල් මිලියන 56ක්

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday