Colombo Today Local News

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මහතා අදාළ ද`ඩුවමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සිය මතය පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් අධිකරණය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් දන්වා යවා තිබේ.

පේ‍්‍රමලාල් ජයසේකර මහතා මහජන නියෝජිතයකු ලෙස නවවැනි පාර්ලිමේන්තුවට සහභාගි කරවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉකුත් 19 වැනිදා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අධිකරණ ලේකම්වරයා විසින් එදිනම නීතිපතිවරයා වෙත එම ඉල්ලීම යොමු කිරීමෙන් පසු නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91(1) අ අනුව්‍යවස්ථාව ප‍්‍රකාරව යම්කිසි තැනැත්තකු 89 වැනි අනුව්‍යවස්ථාවේ දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත්වීම හෝ භාජනය වී තිබේ නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස තෝරා ගැනීමට සහ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට මෙන්ම ඡන්දය දීමට නුසුදුස්සකු වන බව සදහන්ව ඇතැයි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කළාය.

එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 ඇ අනුව්‍යවස්ථාව ප‍්‍රකාරව යම් තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත්ව සිටී නම් එය ඔහුගේ ඡන්ද බලය පවා අහිමි වීමට කාරණයක් වන අතර ඒ අනුව මරණීය දණ්ඩනයට යටත් කර දැනට අධිකරණයේ නියෝග මත රිමාන්ඞ් භාරයට පත් කර සිටින පේ‍්‍රමලාල් ජයසේකර මහතා පර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡුන්දය ලබා දීමට සුදුස්සකු නොවන බව නීතිපතිවරයා විසින් සිය මතය ලෙස දන්වා යවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

දිවයින

Related posts

ලාබෙට දෙන්න රටින් ගෙනා හාල්වල අධික විෂක්.. කෑවොත් මිනිස් ජීවිත අනතුරේ !!

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 විසිර යයි

Admin