Colombo Today Local News

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණුඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කිරීම නිසා එම පාසල්වල විදුහල්පතිවරු සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැඩි අපහසුතාවට පත්ව සිටිති. 

දකුණු පළාත් සභාවට අයත් මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, මාතර ඕල්කට් විද්‍යාලය, මාතර ඩී.එස්. සේනානායක විද්‍යාලය, මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර මේධානන්ද ප්‍රාථමික විද්‍යාලය, ගාල්ල ඕල්සෙන්ස් විද්‍යාලය, ගාල්ල අනුලාදේවි විද්‍යාලය ආදි ජනප්‍රිය පාසල්වලට මෙලෙස ළමයින් ඇතුළත් කරන ලෙස දන්වමින් ආණ්ඩුකාරවරයා ලිපි නිකුත් කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද ඇතැම් ලිපිවල අනුමත සීමාව ඉක්මවා ඇතුළත් කිරීමට මම නියෝග කරමි යනුවෙන් ද සඳහන් කර ඇත.

පන්තිවලට ළමයින් ඇතුළත් කිරීමට ආණ්ඩුකාරවරයා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට පැමිණිලි යොමු කළ බව එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් 232/2011 සහ 233/2011 යන නඩුවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක් දී ඇති බවත්, 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් 40 සිට අඩුවෙමින් යන බවත්, 2021 වසරේදී පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35 දෙනකු බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය. 

ඒ අනුව මෙම වසරේ එක ශ්‍රේණියට ඇතුළත් කර ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනකු බවත්,  එම සීමාව ඇතුළත යම් පාසලක පුරප්පාඩුවක් පවතී නම් පොරොත්තු ලේඛනය අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවත් ඔහු කීවේය.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කිරීමට නියෝග කර ඇති බවද, එවැනි නියෝග නීත්‍යනුකූල නොවන බවද ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ලේකම්වරයාගේ අවසරයෙන් තොරව මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.   

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ එලෙස ලිපි නිකුත් කිරීම ගැන නිශ්චිත යමක් තමාට ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් විමසීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය අසාර්ථක විය.

Related posts

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

colombotoday

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි.. නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගේ විරෝධය

colombotoday

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

colombotoday

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

ලක්ෂ 120ක් වංචා කළ, කැලණිය ජල මණ්ඩල හිටපු ගණකාධිකාරීට වසර 37ක සිර දඬුවමක්

colombotoday