Colombo Today Local News

ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය නාහෙන් අඬනවා – අගමැති කියයි

“අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡුන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව අද (14) දිවයිනපුවත්පත වාර්තා කර සිටියි.

සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හඬ නගන විපක්‍ෂය ගැන රටේ ජනතාව හොඳාකාරව වටහාගෙන සිටිනවා.

“ඡන්දයක් තියන්න ක‍්‍රමවේද ඕනෑතරම් තියෙනවා. අද මාධ්‍ය හරිම ප‍්‍රබලයි. ඡන්දයක් වෙනුවෙන් අපේක්‍ෂකයින්ට මාධ්‍ය තුළින් ඕනෑතරම් ප‍්‍රසිද්ධියක් ගන්න පුළුවන්. වෙනදා තාප්පවල පෝස්ටර්, ඡායාරූප අලවා ප‍්‍රසිද්ධිය ලබා ගන්නා උදවියට ඕනෑනම් විකල්ප ක‍්‍රම මගින් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමටත් පහසුකම් සලසා දීමටත් අපට ක‍්‍රියා කරන්න පුළුවන්.’’

“ගෙයින් ගෙට ගොස් ඡන්ද ප‍්‍රචාරක වැඩකටයුතු කිරීමට දෙතුන් දෙනෙක් සීමාකරගෙන ඔය අපේක්ෂකයින්ට ඕනෑනම් යන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ප‍්‍රචාරක රැස්වීම් සෞඛ්‍ය උපදෙස් මත කරගන්නත් පුළුවන්. ඡන්දය දැමීමට යන අවස්ථාවේදීත් ආරක්‍ෂක තත්ත්වය අනුව ඡන්ද දායකයින්ට ක‍්‍රියා කිරීමට ඕනෑතරම් ක‍්‍රමවේද ගන්න පුළුවන්. ඡන්දය පවත්වන්නේ කොහොමද කියලා ආණ්ඩුව සමග කතාබහ නොකර, සහයක් නොදී ‘ඡන්දය එපා’ කියමින් ඡන්දය කල්දාගන්න මේ උදවිය මේ හැටි දඟලන්නේ මෙයාලා ඡුන්දයට මුහුණ දෙන්න බය නිසයි. මේ උදවිය මේ තුළින් විශාල ප‍්‍රසිද්ධියක් ලබාගන්න හදනවා” යැයි අගමැතිවරයා කීවේය.

Related posts

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය භාරව සිටි ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හමුවට

colombotoday

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

colombotoday

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday