Colombo Today Local News

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

2013 – 2014 කාලවකවානුව තුළ තමන් පළමුව මෙරට තුළ ක්‍රියාත්මක වු ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ව දැනුවත් කළ අවස්ථාවේ දී එවකට පැවති ආණ්ඩුවඒ පිළිබඳ ව අවධානය යොමු කළද, 2015 වසරින් පසු බලයට පැමිණි ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තමන් පැවසු කරුණු කෙරෙහි අවධානය යොමු නොකළ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) දෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේ උන්වහන්සේ මේ පිළිබද අනාවරණය කළහ.

ඥානසාර හිමියන් ජනාධිපති කොමිසම හමුවේ රාත්‍රී එකොළහ පසුවන තුරු සාක්ෂි ලබා දී තිබුණි.

එහිදි ඥානසාර හිමියන් සඳහන් කළේ, කුරාණයේ ඉගැන්වීම්වලින් ඔබ්බට ගිය “හදීස් හි” සඳහන් දේ තුළ “වහබ්වාදයේ” සහ “අන්තවාදයේ” ව්‍යාප්තිය සිදුවන බවය.

ඒ පිළිබඳ ව පැහැදිලි කරමින් උන්වහන්සේ පහළ ශ්‍රේණිවල රජයේ ඉස්ලාම් පෙළපොත්වල “හදීස් හදාරා යහගුණ ඇත්තෝ වෙමු යනුවෙන් සදහන් කර තිබුණද, එම හදීස් ඉගැන්වීම සිදුවන උසස් පෙළ නිර්දේශිත පොත්වල සදහන් වන්නේ අන්‍යාගමිකයන් මරාදමන්න” යන්න බවය.

එසේම මෙහිදී උන්වහන්සේ විසින් මෙරට ක්‍රියාත්මක තවත් අන්තවාදි සංවිධාන කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙරට තුළ තවුහීද් ජමාත් සංවිධාන 06ක් ක්‍රියාත්මක වන බවය.

එසේම වාමි නොහොත් ලෝක මුස්ලිම් තරුණ සංවිධානයේ ක්‍රියාකාරිත්වය මෙරට තුළද පැහැදිලිව දක්නට ලැබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුයේ එහි ප්‍රධාන කාර්යාලය දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටා ඇති බවය.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචි කර පවත්වාගෙන යන හීරා පදනමද අන්තවාදි මතවාදයක් වන ජමාතේ ඉස්ලාම් මතවාදය අනුව යන්නක් බව සදහන් කළ ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ හිස්බුල්ලා මහතාද ජමාතේ මතවාදය දරන්නෙකු බවට තමන් අනුමාන කරන බවය.

මෙහිදි ජනාධිපති කොමිසම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවුහීද් මතවාදය පිටුපස සිටින බවට ඥානසාර හිමියන් විසින් මීට පෙර කර තිබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

එහිදි උන්වහන්සේ සදහන් කළේ වරක් මැතිවරණ අවස්ථාවක රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා විසින් ඔහුගේ බිරිඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැඳවා ගෙන පැමිණියේ සම්පුර්ණයෙන්ම මුහුණු අවරණය කර ඇස් පමණක් පෙනෙන පරිදි බවයි.

එසේම මඩකලපුව, වව්නියාව,පුත්තලම, අම්පාර වැනි ප්‍රදේශවල රිෂාඩ් බදියුදින් මහතාට ඇති වත්කම් පදනම් කරගෙන ඔහු විශාල ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටින බවද ඔහුගේ සහෝදරයා වර්තමානය වන විට අත් අඩංගුවට පත්ව තිබීම තුළ රිෂාඩ් බදියුදීන් මහතාද වහබ්වාදි මතදරන්නෙකු යැයි පෙනී යන බවද ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කළහ.

මෙහිදි ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් විමසා සිටියේ මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදි සංවිධානවල ව්‍යාප්තිය පිළිබද මුල්වරට රජය දැනුවත් කළේ කුමන කාලයේද යන්නයි.

2014 වර්ෂයේ එවකට පැවති ආණ්ඩුව විසින් තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමකට කැඳවා තිබුණු බවත්එහිදි තමා තවුහීද් ජමාත් මතධාරි මෙරට තුළ රැදි සිටින විදේශිකයන් පිටුවහල් කිරීම, මද්‍රසා පාසල්හි සිදුකරන අන්තවාදි දේශන වැනි කරුණු 25ක් පිළිබඳ ව දැනුවත් කළ බව ඥානාසර හිමියන් පැවසුවේය.

එම ආණ්ඩුව ඉන් පසු යම් යම් පියවර ගත්තත් 2015 නව ආණ්ඩුවක් බලයට පැමිණීමත් සමග අන්තවාදය පිළිබඳ තමන් ලබාදුන් තොරතුරු ගැන කිසිදු සොයාබැලීමක් සිදු නොකළ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එසේම දේශපාලකයින් තම පැවැත්ම සඳහා ආගම්වාදි ප්‍රශ්න නිර්මාණය කළ බවත්, තෙල්දෙණිය සහ දිගන වැනි සිද්ධි එකි අරමුණේ ප්‍රතිඵල බවත් උන්වහන්සේ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියහ.

Related posts

මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට..

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

නොදන්නා කොරෝනා ඖෂධ ගැන කියන්න ගිහින් සජිත් ප්‍රේමදාස අමාරුවේ වැටෙයි. මහාචාර්ය චන්න ජයසුමන ලිපියකින් කරුණු කියා දෙයි.

colombotoday

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

colombotoday