Colombo Today Local News

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

පරසන්ගස්වැව පොලිස් වසමේ, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගමන් කළ කුඩා දැරියක් ඉදිරිපස දොරෙන් බිමට බැසීමට යෑමේ දී ඇදවැටී බස් රථයට යට වී අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 6 හැවිරිදි ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අලුත්ගම, දරුසලාම් මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

colombotoday

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

තැළෙන,පොඩිවෙන,දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් ටිකක් හිතපල්ලා – ඥානසාර හිමි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin