Colombo Today Local News

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

පාසල් කටයුතු සඳහා දෙමවුපියන්ගෙන් මුදල් රැස්කරන චක්‍ර‍ලේඛය අවලංගු කළ බවට අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශය ‍ප්‍රෝඩාවක් බවත් මෙම ප්‍රකාශය දැඩිව පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ලංකා ගුරුසේවා සංගමය කියා සිටී.

2019 වසරේ සිට පාසල්වල වියදම් සඳහා දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් කර පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ 26/2018 චක්‍ර‍ලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබුණි.

එහෙත් අධ්‍යාපන ‍ලේකම්වරයා විසින් මේ සඳහා නිකුත් කළ ලිපියේ එය තාවකාලිකව අත්හිටවූ බව පමණක් දන්වා ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ‍ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

එබැවින් රටත්, ජනතාවත් නොමග යවමින් මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ නොකොට මෙම චක්‍ර‍ලේඛය වහාම අවලංගු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය ඉල්ලා සිටියි.

Related posts

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

සහරාන් මිතුරු අලි සහීර් මවුලානා දර්ගා නගරයේ තාරික් ඇමට දී රට ගිනි තියන්න හදයි

colombotoday

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

colombotoday

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin