Colombo Today Local News

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේද ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තාගත ලෙස බාල්දු වී තිබේ.

මහ බැංකුවේ අද වාර්තාව අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78ක් හා විකිණුම් මිල රුපියල් 170.65ක් වෙයි.

ඊයේ දිනයේ ගැනුම් මිල රුපියල් 165.08ක් හා විකිණුම් මිල 168.63ක් ලෙස ඩොරලයකට මිල නියම විය.

අද දිනයේ පමණක් රුපියලේ අවප‍්‍රමණය 2.02 වෙයි.

ලෝකයේ සෙසු සියළු ප‍්‍රධාන මුදල් ඒකකයන් ඉදිරියේදීද රුපියලද දරුණු ලෙස කඩා වැඩි තිබේ.

රජය විසින් සදහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුල්‍ය ප‍්‍රතිපත්ති හේතුවෙන් ඩොරලය ඉහල යන බවයි.

බි‍්‍රතාන්‍ය පවුම හමුවේ රුපියල් 4.12කින්, යුරෝව හමුවේ රුපියල් 3.50කින් අද දිනය තුල අවප‍්‍රමානය වී ඇත.

Related posts

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්.”

colombotoday

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහය….

colombotoday

උතුම් බක් පුර පොහොය අදයි…

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday