Colombo Today Local News

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට අහෝසි විය හැකි යැයිද හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් කියා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමැති මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකරන බවට ප්‍රතිඥා දී ඇතැයිද එය කඩ කරන ඕනෑම අයෙකු අභියාචනාධිකරණය හමුවේ වරදකරු කළ විට ප්‍රජා අයිතිය අහිමිවීම පමණක් නොව ඒ අයගේ නිශ්චල හා චංචල දේපළ පවා රාජ සන්තක වන බව මංගල සමරවීර හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබේ. ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට අනුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉක්ම නොයන කාලයක් සඳහා බව පවසන හිටපු ඇමැතිවරයා ජුනි මස 20 දින පැවැත්වීමට යෝජිත මහ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති බවද කියා සිටී. එජාප රජය විසින් සම්මත කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර තිබෙන්නේ අද දක්වා පමණක් බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති හිටපු මුදල් ඇමැති මංගල සමරවීර අදින් පසුව රාජ්‍ය වියදම් දැරීමට ජනපති ප්‍රමුඛ රජයට අවකාශයක් නොමැති බව පවසයි. පත්ව ඇති මෙම අවදානම් අවස්ථා සලකා බලා වහා පාර්ලිමේන්තුව රැස්කර රජයේ සේවක වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට කටයුතු කරන ලෙසද හිටපු ඇමැති මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. මෙම ලිපිය යවා ඇත්තේ පෙරේදා (28 වැනිදා)ය.

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල සියලු සේවා අද සිට සතියක් අත්හිටුවයි.

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

අන්තරේ කැඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

Admin

මධූෂ්, අමල් ඇතුළු 31ක් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday