Colombo Today Local News

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනයට ලක්වූවා දැයි තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බව පොලීසිය පවසි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍ෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ඞී එන් ඒ වාර්තා ලබාගැනීමටද කටයුතු කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඉකුත්දා වාර්තා කළේ. අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බවද එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව තිබේ.

Related posts

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

colombotoday

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin