Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් ජාවාරමේ නිරත වූ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු සහ කාන්තාවක් පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීම් තුනක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පාදුක්ක නගරයේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ අකුරැස්ස ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 ක් වු වැල්ලවාය හා තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කාන්තාව වයස අවුරුදු 43ක් වු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday