Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් ජාවාරමේ නිරත වූ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු සහ කාන්තාවක් පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීම් තුනක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පාදුක්ක නගරයේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ අකුරැස්ස ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 ක් වු වැල්ලවාය හා තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කාන්තාව වයස අවුරුදු 43ක් වු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමට

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday