Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රී නැවතත් ජනතා කැමැත්ත උරගා බලන්න යයි !

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින  බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  අද (17) පැවසීය.
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
මෙවර  සෑම  දිස්ත්‍රික්කයක් සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ඉදිරිපත් කරන අතර ඔවුන් සඳහා මේ වන විට ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇතැයි ඒ මහතා කීය.
 
ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා  උගතුන් බුද්ධිමතුන්  සිය ගණනකගේ අයදුම්පත් ලැබී ඇති බවත්  එහි ජ්‍යෙෂ්ඨ උපදේශක රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් මණ්ඩලයක්  සුදුස්සන් තේරීම ආරම්භ කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

Related posts

යුධ විරුවා ගෝඨාභයයි.. ඔහු අත්අඩංගුවට ගත්තොත් රුහුණේ ජනතාව කොළඹ වටලනවා !

colombotoday

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

Admin

මධූෂ්ගේ අවසන් ඔත්තුව

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday