Colombo Today Local News

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

හම්බන්තොට  නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට  බරපතල වැඩ ඇතිව වසර 05 ක සිර දඬුවමක්  ලබා දෙන්නැයි හම්බන්තොට  මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා   අද (02)  නියෝග කළේය.

නඩුවට අදාල සෙසු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තුවාන් රම්සාන්, මධූෂ නිලාන්, බිංදු ශ්‍රී වර්ණසිංහ  යන තිදෙනා මෙලෙස නිදොස් කෙරිණි.

2017 වසරේදී  හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගල් මුල්වලින් පහර දීම, සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජන කිරීම  ඇතුළු  චෝදනා රැසක් ඔවුනට  එල්ල වී තිබිණි.
 
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූර් ආර්ද සිල්වා, පැමිණිල්ල රජයේ අධි නීතීඥ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පීරීස් සහ නීතීඥ ගයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.

Related posts

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

Admin

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

“බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ. පොදු ස්ථානවලදී එන්නත ගත් බව තහවුරු කිරීම අනිවාර්ය කරනවා.”

colombotoday