Colombo Today Local News

“බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ. පොදු ස්ථානවලදී එන්නත ගත් බව තහවුරු කිරීම අනිවාර්ය කරනවා.”

අද සිට බූස්ටර් සතියක්

අද (31 වැනිදා) සිට සතියක කාලයක් බූස්ටර් එන්නත ලබාදීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මෙතෙක් බූස්ටර් එන්නත ලබානොගත් සියලුදෙනාට මෙම සතිය තුළදී ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ රෝහලට ගොස් එන්නත ලබාගත හැකි බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එසේම මෙරට කිසිඳු පුද්ගලයකුට බලහත්කාරයෙන් එන්නත ලබාදීම සිදුනොකරන බවත් සෑම දෙනාම එන්නත ලබා ගැනීම යුතුකමක් බවත් ඔහු සදහන් කරයි.

එන්නත ලබාගැනීම ප්‍රමාද කිරීමේ ප්‍රතිඵලය මරණය විය හැකි බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත ලබාගත් බවට තහවුරු කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටි.

Related posts

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

ගාල්ලේ පාසල් 23 දක්වා වැසෙයි

colombotoday

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට

colombotoday

ඇමැතිවරු කොළඹ වරාය නගරේ කඳු තරණය කරයි

colombotoday