Colombo Today Local News

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සීතාවක පොඩ්ඩාගේ” සමීපතමයෙකු කිරිඳිවැල, රංවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබි “ෂොට්ගන්” වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මේ අතර තියුණු ආයුධ ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු සහ පොලීසිය මඟ හැර සිටි පුද්ගලයෙකු මතුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

“ශාන් අරෝෂ් ජයසිංහ” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ නිවස පරික්ෂාවට ලක්කිරීමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කරයි.

Related posts

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

colombotoday

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin