Colombo Today Local News

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම, වැඩ බලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

එක් – එක් පොලිස් ස්ථානවලට අවශ්‍ය කරන නිලධාරීන් ගණන සහ එක් – එක් පොලිස් ස්ථානවල රාජකාරී කරන නිලධාරීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම තොරතුරු ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා පොලිස් ස්ථාන 489 ක් පවතින අතර ඇතැම් ස්ථානවල නිලධාරීන් අතිරික්තයක් පවතින බවත්, ඇතැම් පොලිස් ස්ථානවල නිලධාරීන් හිඟයක් පවතින බවටත් තොරතුරු වාර්තාවෙයි.

ඇතැම් පොලිස් ස්ථානවලට නිලධාරීන් විශාල පිරිසක් අනියුක්ත කර සිටිය ද, ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශේෂ රාජකාරීවලට යොදවා තිබේ. සිය පහසුව සඳහා ඇතැම් පොලිස් නිලධාරීන් තමන් පදිංචි ප‍්‍රදේශවලම විශේෂ රාජකාරී සඳහා යොමු වීමට උත්සාහ දරණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම තත්ත්වයන් හේතුවෙන් ඇතැම් පොලිස් ස්ථානවල සාමාන්‍ය කටයුතු සිදු කරගෙන යාම අපහසු වී තිබේ. ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනුයි ජාතික පොලිස් කොමිසම අදාළ වාර්තාව ඉල්ලා ඇත්තේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම ඉල්ලා ඇති වාර්තාව සකස් කිරීම වැඩ බලන පොලිස්පතිවරයා විසින්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක වෙත පවරා ඇති බව ද වැඩිදුරටත් වාර්තා විය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

හිස්බුල්ලා, බදියුදීන්, සාලි ඉවත් කරනු… රතන හිමියෝ දළදා මාළිගය අභියස උපවාසයේ… ජනපතිට තීරණාත්මක ලිපියක් !

colombotoday