Colombo Today Local News

ශ්‍රී ලංකාව ඔබේ මව්බිම ලෙස දකින්න, ශ්‍රී ලාංකිකයන් ලෙස අත්වැල් බැදගෙන සෞභාග්‍ය කරා යමු – ජනපතිගේ පොංගල් සුභ පැතුම

තෛපොංගල් උත්සවයත් සමග අන්‍යෝන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇතිවන බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තෛපොංගල් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

එම පණිවුඩයේ මෙසේද සඳහන්ය.

ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යය සමරන ශ්‍රීලාංකේය දෙමළ සහෝදරත්වය සමග මමද සතුටින් එක්වෙමි. කෘෂිකර්මය මූලික කොට ජීවනෝපාය සලසා ගන්නා සියලුදෙනා මෙදින සූර්ය වන්දනාව සිදුකර සූරිය දෙවියන්ට කෘතගුණ දක්වමින් අභිවෘද්ධිය භක්ති පූර්වකව අපේක්ෂා කරති.

තෛපොංගල් උත්සවයත් සමග අන්‍යෝනය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇතිවන නවමු බැඳීම් පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිදී යයි. එමගින් දෙමාපිය දූ දරු, ගුරු දෙගුරු ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම පාලකයන් පාලිතයන් අතරද මානව ගුණයෙන් යුතු සමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

තෛපොංගල් උත්සවයෙන් අපේක්ෂිත අරමුණු සාධනය කරගැනීමට නම් ලක්වැසි සියලුදෙනා එකිනෙකා අවබෝධ කරගත යුතුය. එය ආකල්පමය වශයෙන් පලඹුවද ක්‍රියාත්මක කිරීමෙන් දෙවනුද යථාර්ථයක් බවට පත්කර ගැනීමට තෛපොංගල් දිනයේදී සිතට ගැනීම වැදගත්ය.

ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේම සමගියෙන් අසමගිය දුරු වේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සෞභාග්‍ය කරා ගමන් කළ යුත්තේ එකී පදනම මත පිහිටා සිටිමිනි. ජතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලුදෙනා එකට එක්විය යුතු අතර එම ඉලක්කය වෙත ළඟාවනු පිණිස ශ්‍රී ලංකාව සිය මබ්බිම ලෙස දකින්නැයි ලොව විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර දෙමළ ජනතාවට මම ආරාධනා කරමි.

තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුර දුරලන ආලෝකයත් වන්නේ යම් සේද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතයද ප්‍රභාමත් වේවායී ප්‍රාර්ථනා කරමි.

Related posts

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

සිංහරාජය දින නියමයකින් තොරව වසා දමයි

colombotoday

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday