Colombo Today Local News

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. එසේම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියේදි යොමු වෙන බවද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය.

“පසුගිය ආණ්ඩුව කළ දේවල් බරපතල විහිලුවක්ව පවතින වකවානුවක ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඔස්සේ නව දිශාවකට රට ගමන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට යනවා.

මාධ්‍යකරණය ඩිජිටල් කර තිබෙනවා. මාධ්‍ය සමාජයේ සියලු ගැටලු සාකච්ඡාව, සම්මන්ත්‍රණය, මැදිහත්වීම මඟින් විසඳිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අනවශ්‍ය නියාමනකරණයන් නොකළ යුතු බවටත් අනවශ්‍ය බලපෑම් මාධ්‍යයට නොකළ යුතු බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට ප්‍රමිතියක් ලබාදීම සඳහා වෘත්තීයභාවයක් ලබාදෙන පුහුණු ආයතන ස්ථාපිත කිරීමේ ධනාත්මක යෝජනා ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතුයි. ඒකාබද්ධ විපක්ෂය, පොදුජන පෙරමුණ ලෙස කණ්ඩායම් කිහිපයක් අප සමඟ සිටිනවා. මීළඟ පාර්ලිමේන්තු දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට අපි ඉදිරියේදි යොමු වෙනවා.”

Related posts

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday