Colombo Today Sports News

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජුලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාළක මණ්ඩල එකඟ වී තිබේ.

සිය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් උදාවී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉදිරියේ දී එම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.

එම තරඟාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

Related posts

IPL දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 28දා ලංකාවට

colombotoday

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday