Colombo Today Sports News

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයයි.

ඇන්ටිගුවාහි කූලිප් ක්‍රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දෙවන තරගයට සහභාගී වූ කණ්ඩායම ඒ අයුරින්ම අද තරගයට ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සමගින් පැතුම් නිශ්ශංකය.

ලකුණු 9ක් රැස් කරගෙන සිටි ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවි ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 10ක් ලෙස සටහන් වන විටය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 4ක් රැස්කරගෙන සිටියදී දැවි ගිය අතර ශ්‍රී ලංකා පිලට දෙවන තරගයේදී යම් බලාපොරොත්තුවක් එක්කළ පැතුම් නිශ්ශංක ලකුණු 5ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකා පිලේ තුන්වන කඩුල්ල ලෙස දැවි ගියේය.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11යි.

ලකුණු 46කදී කඩුලු 4ක් දැවි ශ්‍රී ලංකා පිල අසරණ තත්වයක පසුවන විට පිටියට එක්වු දිනේෂ් චන්දිමාල් නවක ක්‍රීඩක අෂේන් බණ්ඩාර සමඟ එක්ව ශ්‍රී ලංකා පිලට යම් බලාපොරොත්තුවක් එක් කළේය.

දිනේෂ් චන්දිමාල් පන්දු 46කදී නොදැවි ලකුණු 54ක් රැස් කරමින් සිය 20-20 ක්‍රිකට් දිවියේ 5වන අර්ධ ශතකය රැස්කිරීමට සමත්විය.

අෂේන් බන්ඩාර නොදැවි ලකුණු 44ක් ලබා ගත්තේය.

චන්දිමාල් සහ අෂේන් පස්වන කඩුල්ලට ලකුණු 85ක අගනා සබඳතාවක් ගොඩ නැගුවේ විස්සයි විස්ස තරගයක පස්වන කඩුල්ලට ගොඩ නැගු ඉහළම ලකුණු සබඳතාවේ වාර්තාවද අලුත් කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 131ක් රැස්කර ගත්තේය.

ලකුණු 132ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් ගොඩ නැගුවේය.

එවින් ලුවිස් කොදෙව් පිලේ පළමු කඩුල්ල ලෙස දැවිගිය අතර ලෙන්ඩ්ල් සිනමන්ස් කොදෙව් පිලේ දෙවන කඩුල්ල ලෙස දැවිගියේය.

නායක කයිරන් පොලාඩ් ලකුණු නොලබා ක්‍රීඩාගාරායට හරවා යවන්නට දුෂ්මන්ත චමීර සමත්වෙද් දී ක්‍රිස්ගේල්ගේ ඉනිම ලකුණු 13කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත්විය.

කොදෙව් පිලේ තවත් කඩුලු 3ක් ලකුණු 30ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

නමුත් අවසන් පන්දු 7දී කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා රැස් කරගත යුතුවු ලකුණු සංඛයාව ලකුණු 4කි.

අකිල ධනංජය යැවු පන්දුවකට 6 පහරක් එල්ල කළ ෆැබියන් ඇලන් කඩුලු 3ක ජයක් කොදෙව් පිලට හිමිකරදුන්නේ තරගාවලියේ ජයද සමගය.

තරගයේ වීරයා සම්මානය ෆැබියන් ඇලන් හිමිකර ගත්තේය.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

Related posts

අසංක ගුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කෙරේ.

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

තහනම් උත්තේජක චෝදනාව යළි සනාථ වෙයි.. කුසල් ජනිත්ට වසර 4ක තරග තහනමක්

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday