Colombo Today Local News

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර්වරු 19 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ක්‍රියාකර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම තනතුරෙන් ඉවත්කොට දුම්බර බන්ධනාගාරයට මාරු කළ බවය.

ප්‍රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 6 දෙනෙක් අලුතෙන් පත්කළ බවද ඔහු පැවසීය.

මේ අතර, සිරකරුවෙකුට හෙරොයින් ග්‍රෑම් 7ක් ලබාදුන් බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නියාමකගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

එසේම මැගසින් බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී ජංගම දුරකථන 14ක් සොයා ගෙන තිබේ.

Related posts

නිව්යෝක් ටයිම්ස් ලිපියට අනුග්‍රහය මංගලගෙන් – ඒකාබද්ධයෙන් චෝදනා

colombotoday

අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා – චීනය අමෙරිකාවට කියයි

Admin

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පික

colombotoday

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන නීති විරෝධී මද්‍රසා පාසල් නීතිගත කරගැනීමේ කූට සැලසුම මෙන්න…

colombotoday