Colombo Today Local News

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

wimalහෝකන්දර මංගල මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික නිවසේ නතරවී සිටි බව කියන තරුණයකුගේ මළ සිරුරක් අද (26) දහවල් සොයාගත් බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 24ක් වන දිසානයක නැමැති මෙම තරුණයා අද දහවල් 1ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවත් රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සිද්ධියට අදාළව පොලීසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට දැනුම්දී තිබේ.

මියගිය තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා වන විභූදි විශ්වජිත් වීරවංශ තරුණයාගේ මිත්‍රයෙකු වන බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

Related posts

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස්

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday