Colombo Today Local News

විධායකය අහෝසි කිරීමට අගමැති ගෙනා යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි. බහුතරය විරුද්ධයි. පක්‍ෂ රාජිත සහ රවි පමණයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (19) සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී කළ යෝජනාවට ඇමැතිවරුන් බහුතරයක් විරෝධය පළ කර ඇත.

යෝජනාවට පක්‍ෂව අදහස් දක්වා ඇත්තේ වෛද්‍ය රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන ඇමැතිවරුන් පමණි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ සවස 3.00 ට මෙම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම විශේෂ කැබිනට් රැස්වීම කැඳවනු ලැබුවේ අගමැතිවරයා බව ජනාධිපතිවරයා මෙම විශේෂ කැබිනට් රැස්වීම කැඳවීම පිළිබඳව ඇමැතිවරුන් කළ විමසීමේදී පවසා ඇත.

කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව කැඳවා තිබූ මෙම කැබිනට් රැුස්වීම ආරම්භ කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වා ඇති අතර එහිදී හෙතෙම පවසා ඇත්තේ සිවිල් සංවිධාන රැුසක් විධායකය ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙසට යෝජනා කර ඇති බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

ජනාධිපතිවරණය කැඳවා ඇති මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව සාකච්ඡුා නොකළ යුතු බවත්, එය ජනාධිපතිවරණයෙන් පසුව සාකච්ඡුා කළ හැකි බවත් අගමැතිවරයා දැක්වූ අදහස්වලට විරෝධය පළ කරමින් ඇමැතිවරුන් වන මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්. පී. තිගම්බරම්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු බහුතරයක් අදහස් දක්වා තිබේ.

මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් ගෙන ආවොත් ජනතාව සිතන්නේ අපට මැතිවරණයට මුහුණදීමට නොහැකි යැයි යන වැරදි මතයක් බවත් ඔවුන් සඳහන් කර ඇත.

මීට සහභාගි වූ ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා කිසිදු අදහසක් ප‍්‍රකාශ කර නැත.

විනාඩි 45 ක් පමණ පැවැති මෙම විශේෂ කැබිනට් රැුස්වීම අවසන් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණ අවශ්‍ය නම් නැවත කැබිනට් රැුස්වීමක් කැඳවන ලෙසය.

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin