Colombo Today Local News

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කෝටි ගණනක වංචාවක් – විශේෂ හෙළිදරව්ව

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් ඊයේ (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ලංකා විදුලි පුද්ගලික සමාගමේ කොටි ගණනක වංචාවක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කර සිටියා.

සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදු වී ඇති වංචා හා දූෂණ පිළිබද කමිටු වාර්තාව හමස් පෙට්ටියේ, දූෂිතයන් තවමත් ඉහළ තනතුරැවල
2018 ජුනි 12 වන දින සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ හා සිදුවෙමින් පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි එවකට අමාත්‍ය ධූරය දැරෑ රංජිත් සියඔලාපිටිය ඇමතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන ලදී.

2018/6/19 දින අමාත්‍යාවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇත. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරයා විසින් PE/1A/140 දරණ 2018/07/10 දිනැති ලිපිය මගින් පූර්ණ පංචපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

2018/10/09 වන දින එකී කමිටුව විසින් සිය වාර්තාව එළ දක්වන ලදී.

එම වාර්තාව මගින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ දූෂණ හා වංචා කිහිපයක් පහතින් සදහන් කරමු.
01.2007/2008 වසරේ ඉංජිනේරු අංශ ප්‍රධානී යටතේ ව්‍යාපෘති අංශයක් ආරම්භ කර ඇති අතර එම අංශය යටතේ ආරම්භ කර ඇති පහත සදහන් ව්‍යාපෘති අසාර්ථක වීම නිසා අතර මග නවතා දමා ඇත.
ඩෝන ව්‍යාපෘතිය
ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය
නිරීක්ෂණයන්ට අනුව මෙම ව්‍යාපෘතිය නිසි සැළස්මකින් තොරව ආරම්භ කර ඇති අතර අවුරුදු දෙකහමාරකට පසුවත් සාර්ථකය නිමකරගත නොහැකි බැවින් අසාර්ථක ව්‍යාපෘතියක් බව පෙනී යයි.

සිග්බී ව්‍යාපෘතිය
ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය

මේ අනුව සිග්බී ව්‍යාපෘතිය නිසි කළමනාකරනයක් හා සැළසුම් කිරීමකින් තොරව සම්බන්ධතා 100 ක් පමණක් සවි කර ව්‍යාපෘතිය නවතා දැමීමක් සිදු කර ඇති බව නිරීක්ෂණය වේ.මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී නොමැති හෙයින් මෙම ව්‍යාපෘතිය තව දුරටත් ව්‍යාප්ත කිරීම නැවතී ඇති බවක් පෙනී යයි.

නුගේගොඩ ලෙකෝ බල ප්‍රදේශයේ යටිබහන් එලීමේ ව්‍යාපෘතිය

ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය
කරුණු අනුව නිරීක්ෂණය වන්නේ මෙම ව්‍යාපෘතිය නිෂ්චිත හා ප්‍රමාණවත් සැළසුමක් නොමැතිව ක්‍රියාත්මක වී ඇති බවත් මෙම ව්‍යාපෘතිය සදහා මේවන විට රුපියල් මිලියන 201 ක් පමණ වැය කර ඇතත් මේ දක්වා සාර්ථක ප්‍රතිපල/ අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වී ඇති බවත් පෙනී යයි.

ඉංජිනේරු අංශ ප්‍රධානී නරේන්ද්‍ර සිල්වා වරලත් ඉංජිනේරු සහතිකය ‌ෙනාමැතිව ඉංජිනේරු අංශයට බදවා ගැනීම

ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය
කරුණු අනුව ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු තනතුර සදහා බදවා ගැනීමේදී පවත්නා සම්මත පටිපාටියට අනුව තිබිය යුතු මූළික සුදුසුකම් වෙනස් කිරීමට භාජනය කර ඇති බව

නරේන්ද්‍ර සිල්වා නව සැපයුමක් ලබා දීම

ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය

සමාගමේ පවතින චකලේඛ අනුව මුදල් ගෙවීමට පෙර සේවා සැපයුමක් ලබා දීමට නොහැකි බවත් එසේ මුදල් නොගෙවූ පාරිභෝගිකයෙකුට විදුලි සැපයුමක් ලබා දීමට කටයුතු කිරීම තමන්ට පවරා ඇති බලය ඉක්මවා කටයුතු කිරීමක් බව කමිටුවේ අදහසයි.

එසේම නරේන්ද්‍ර ආයතනයේ ඉහළ කළමනාකරණය නියෝජනය කරන නිළධාරියෙකු වශයෙන් ආයතනයේ පවතින නීති රාමුව තුල මෙම සැපයුම ලබා ගැනීමට පෙර ගෙවීම් සිදු කර ඇත් ද යන්න පිළිබදව තහවුරු කර ගැනීමක් සිදු කර නොමැත.

නරේන්ද සිල්වා ආයතනයේ වාහන ණය ලබා ගැනීමේදී සිදු වී ඇතැයි කියන අකමිකතාව

ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය

නිළධාරියා විසින් ඔහුගේ භාර්යාවගේ නමට ඇති සහනදායි පදනම මත මෝටර් රථයක් ආනයනය කිරීමට බලපත්‍රයක් මගින් මෝටර් රථයක් ලෙකෝ සමාගමෙන් වාහණ ණය මුදලක් ලබා ගෙන ආනයනය කර ඇත. මෙම කමයට වාහනයක් ගෙන්වීම සදහා පවතින ආයතන චකලේඛ වලින් ඉඩක් නොලැබෙන බව කමිටුවේ හැගීමයි.
උක්ත කරුණ අනුව නරේන්ද්‍ර සිල්වානරේන්ද සිල්වා විසින් වාහනය මිලදී ගැනීමට ණය අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි නොවන බව තහවුරුවේ.

ආයතනය විසින් විගණනයට යටත් නොකිරීම සහ ආයතන අභ්‍යන්තර විගණන වාර්තා නොසලකා හැරීම

ලෙකෝ කමිටු වාර්තාවේ නිගමනය

ඉතාම දුර්වල මට්ටමක පවතී

තවත් විශාල වංචා හා දූෂණ විශාල සංඛ්‍යාවක් පිලිබදව උක්ත වාර්තවේ දැක්වේ. මෙම වාර්තාව නිකුත් කොට වසරකට ආසන්න වුවද සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගම මෙම වාර්තාවේ සදහන් දූෂණ පිළිබදව ගත් කිසිදු කියාමාර්ගයක් ගෙන නැත. ඒ වෙනුවට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම වාර්තාව පිළිබදව සොයා බැලීමට තවත් කමිටුවක් පමණක් පත් කර ඇත.

අප අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ලෙකෝ කමිටු වාර්තාවේ සදහන් කරණු පිළිබදව වහා සොයා බලා එම දූෂණවලට වගකිවයුතු පුද්ගලයින්ට දඩුවම් කිරීමට කටයුතු කරන ලෙසයි.

Related posts

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday