Colombo Today Local News

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

වසර 25 කට පසු කොළඹ නගරයේ සිට පෞද්ගලික දේශීය මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ හෙලිකොප්ටර් යානා දැන් ගෝල්ෆේස් හි ආරක්ෂක අමාත්‍යාංශ භූමියට ගොඩ බැස්ස විය හැකි බවයි. තහනම ඉවත් කිරීමෙන් පසු දේශීය ගුවන් සමාගම් හතරකට මේ සඳහා අවසර ලබා දී තිබේ.

පසුගිය වසර 25 තුළ ගෘහස්ථ ගුවන් ගමන් සඳහා කොළඹ නගර ගුවන් කලාපයට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර රත්මලාන සහ බත්තරමුල්ල හරහා ගමන් කිරීමට සිදුවිය. මෙම නව තීරණය කොළඹ අවට සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇති කරනු ඇතැයි රජය පවසයි.

Related posts

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday