Colombo Today Local News

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමතිලා හතරක් යහපාලන කැබිනට්ටුවේ…

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(20) බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘’පසුගිය දිනවලදී පුවත්පත් වල පල වුනා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේව සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමතිවරු හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්… ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයින් එක්ක ගණුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක්. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වාර්තාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.

කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා… ‘’ යැයිද පැවසුවේය.

Related posts

කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බොරු පැතිරූ අයට වැඩ වරදී

colombotoday

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

රාජගිරියේ රිය අනතුරේදී ජීප් රථය පැදවූයේ තමන් නොවන බව චම්පිකගේ රියදුරා පිළිගන්නී

colombotoday

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

colombotoday