Colombo Today Local News

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

එයාර් ෆ්‍රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20)දින පවසයි.

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව සමඟ කඩිනමින් ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන් වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පැවැත්වූ බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව සිනමන් ගුවන් සේවය ලංකාව පුරා විහිදී තිබෙන අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපල ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කල බව හෙතෙම කීය.

දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වල මගී ධාරිතාවය ඉහල නැංවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.

දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකේ පුරා ගෙන යන සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට අපේක්ෂිත බවත් එමගින් ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් පැමිණෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related posts

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. සමයං ඇතුළු 7ක් බන්ධනාගාර බසයේදී මරා දමයි (Photo/Video)

colombotoday

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

colombotoday

බේබදු පියා තුන් හැවිරිදි දරුවාව උණු වතුර දමා පුච්චලා

Admin

අනුරාධපුර ඉවන්ජලිකල් යාච්ඤා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

colombotoday

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday