Colombo Today Local News

ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා නිදහස් කරයි…

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා සැළසුම් සකස්කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 30 වැනිදා මොහොමඩ් කමර් නිසාම්ඩීන් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ත්‍රස්ථ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැළසුම් සකස්කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැකකරමින් සටහන් පොත් කිහිපයක් ද අත්අඩංගුවට ගැනුණි. කෙසේ වෙතත් සටහන් පොතේ ඇති අත්අකුරු මොහොමඩ් නිසාම්ඩීන්ගේ අත්අකුරු සමඟ කිසිඳු ගැලපීමක් නැතැයි විශේෂඥ පරීක්ෂණ මගින් තහවුරුවීම හේතුවෙන් ඔහුට පසුගිය මාසයේ ඇප ලැබී තිබුණි.

පසුගිය 17 වැනිදා පැවති නඩුවිභාගයෙන් අනතුරුව ලද අධිකරණ තීන්දුවෙන් අනතුරුව ඔහුගේ නීතීඥවරයා පවසා තිබුණේ බලධාරීන් විසින් සිය සේවාදායකයා හට කර ඇත්තේ සමාව ලබා දිය නොහැකි වරදක් බවත් ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.

Related posts

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග…

colombotoday

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට එක්වෙයි

Admin