Colombo Today Local News

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් නිකුත් කරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රියාජ් බදුර්දීන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා මේ වසරේ අප්‍රේල් මස 14 දින අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රැදවුම්භාරයේ තබා ප්‍රශ්න කළ බව පෙත්සම්කරු පවසා සිටියි. ඒ අනුව ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති පදනම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 29 දින මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු පවසා සිටියි.

තමා අත්අඩංගුවට ගැනීම දේශපාලන හේතූන් මත මහමැති සොහොයුරාගේ දේශපාලන ගමනට බලපෑමක් කිරීමේ අරමුණින් සිදු වූ බව ඔහු පෙත්සමෙන් පවසා සිටින අතර සාක්ෂි නොමැති පදනම මත තමා මුදා හැරීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් නැවත පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමා අත් අඩංගුවට ගැනීමට ඉල්ලීම් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

මේ අතර රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභකරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් කාදිනල් මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙනුවෙන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් පෙත්සම ඉදිරිපත් කර සිටියා.

Related posts

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday

කුඩු සළිඳුගෙන් CID නිලධාරියෙක් කෝටි 13ක අල්ලසක් ඉල්ලලා? – පරීක්ෂණයක් කරන්නැයි නියෝග

Admin

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් ජාතික හිමිකාරත්වයෙන් යුත් මෙල්බර්න් වානෙ කම්බි කම්හලකින් කාල තුවක්කු පතොරම් මතුවේ.

colombotoday