Colombo Today Local News

රාජපක්ෂ කාලේ රට පැන්න පාතාළයෝ 2015 ලංකාවට ඇවිත් ඇමති සුරතල්ලු වුණා !

මේ වන විට ඇමතිවරුන්ගේ සුරතලුන් බවට පත්ව ජනතාව බල්ලන් බළලුන් ගණනට මරා දමන පාතාළය ලංකාවට කැන්දා ගෙන ආවේ එජාප යහපාලනය විසින් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග චෝදනා කරයි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීමට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී සහභාගී වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ලංකාවම හොල්ලන් හිටියයි කියන පාතාලයෙක් ඩුබායිවල දී අල්ල ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ නඩය පහුගිය දවස්වල උඩ පනිනවා දැක්කා. හැබැයි ඒ පාතාලයා අල්ලන මෙහෙයුමට උපදෙස් දීලා තියෙන්නේ ජනාධිපතිවරයලු. මම දැක්කා ජනාධිපතිවරයා පහුගිය දවසක පොළොන්නරුවේ පැත්තෙදි කියනවා අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න හදන්න එපා කියලා.

එහෙම කියන්න ඇත්තේ රනිල්ලා, කිරිඇල්ලා මධූෂ්ගෙන් ලකුණු දාගන්න උත්සාහ කරපු නිසා වෙන්නැති. අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න එක එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නෙ‍මෙයි. එ. ජා. පය හැමදාම කළේ ඕක තමයි. මහින්ද මහත්තයා හදපු අධිවේගයට, පාලම්වලට, නෙළුම් කුළුණට නම දාගන්න එක තමයි එ. ජා. ප ප්‍රතිපත්තිය.

පාතාලය ලංකාව පුරා පැතිරුණේ එ. ජා. ප ආණ්ඩුව කාලයෙයි. 2015 වෙනකම් ලංකාවේ එක පාතාලයෙක් හිටියේ නැහැ. ඔය මධුෂ්ලා වගේ සිඟිති පාතාලයෝ සේරම හිටියේ රට පැනලා. ‍ලෝකෙම හොල්ලපු ප්‍රභාකරන්වත් ඉවර කරපු ගෝඨාභයට අහු වුණොත් ‍වෙන දේ දන්න නිසයි පාතාලයෝ ටික රට පැන්නේ.

හැබැයි 2015 යහපාලන ආණ්ඩුව ආවා විතරයි පාතාලයෝ ටික සේරම ලංකාවට ආවා. ආපහු රටේ පාතාලය නැගිට්ටා. ඇමැතිවරුන්ගේ පෙළපාලිවලදිත් පාතාලයෝ වෙඩි තියා ගත්තා. ඔන්න ඕකට තමයි එ. ජා. පය යහපාලනය කියන්නේ. අද පාතාලයන් ඇමැතිවරුන්ගේ ‍සුරතලුන් ‍වෙලා මහජනතාව බල්ලො බළල්ලු ගාණට මරලා දානවා.

මේ අවුරුදු හතරට රට අපායක් බවට පත් කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ඇතුළු එ. ජා. ප නඩය භාර ගන්න ඕනේ. මේ නඩයට රට හදන්න පුළුවන්කමක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි මේ වැඩබැරි ආණ්ඩුවට කියන්නේ හොඳ හිතින් ගෙදර යන්න කියලයි. එහෙම නැත්නම් තව වැඩි දිනක් යන්න ඉස්සර අපි ආණ්ඩුව ගෙදර යනවා.

Related posts

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

මහින්දලා මොන යාත්‍රා ගියත්, අපි ජාතියට දුන් ජයග්‍රහණ ආපසු හැරවිය නොහැකියි – චම්පික රණවක

colombotoday

“පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday