Colombo Today Local News

“පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරු අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට අනාවරණය වී නොමැති බවය.

එහෙත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම ගිනි අවි සංශෝධන පනත යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එමෙන්ම ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී භාවිතා කරන ලද ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී චමින්ද දිල්රුක් නොහොත් පරෙවි සුදා සහ විහඟ ප්‍රභාත් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහය ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරු ලබන 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Related posts

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

colombotoday

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා – අගමැති

colombotoday

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

colombotoday