Colombo Today Local News

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තම රජය සමයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති හැරුණු කොට පසුගිය යහපාලන රජය උතුරු – නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ සංවර්ධනය සහ ජන ජීවිතය නංවාලීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී උතුර සහ දකුණ ලෙස කිසිදු වෙනසක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අද (01)දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දෙමළ මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

1977 වසරෙන් පසුව උතුරු, නැගෙනහිර පළාත්වල 2005 – 2010 කාලයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කර තිබේ.

එමෙන්ම එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලසුමකින් යුතුව ආණ්ඩුව කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර ඇත.

උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.

Related posts

[Video] බොදු බල සේනාව ජනපති හමුවී ඉල්ලුවේ මොනවාද?

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday

“හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කළයුතු බව කුරාණයෙත් කියා තියනවා” ගවඝාතන තහනමට අපෙන් ඉඩ නෑ – අසාද් සාලි

colombotoday

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin