Colombo Today Local News

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උපදෙස්‌ දී ඇතැයි එකී ආරංචි මාර්ග සඳහන් කළේය.

උපාධිධාරීන් පන්දහසකට පමණක්‌ නොව උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා ලබාදිය යුතුයි යන මතයේ ආණ්‌ඩුව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එහෙත් මෙම ලැයිස්‌තුවට තමාට අනුමැතිය දිය නොහැකි බවත් ඒ නිසා නිවැරදි ආකාරයේ කිසිවකුට අසාධාරණයක්‌ නොවන ලැයිස්‌තුවක්‌ සකස්‌ කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස්‌ ලබා දී ඇති බව වාර්තා වේ.

ආණ්‌ඩුව මෙම වසරේදී උපාධිධාරීන් පහළොස්‌ දහසකට රැකියා ලබාදීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස මෙලෙස උපාධිධාරීන් පන්දහසකට රැකියා ලබාදීමේ කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

Related posts

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

වතු කම්කරුවන්ට ස්ථීර තැපැල් ලිපින ඉල්ලයි

Admin

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර හරියට සම්මත කරගන්න – ජනාධිපති පක්ෂ නායකයන්ට කියයි

colombotoday

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මරුට

colombotoday