Colombo Today Local News

කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්

faouzi mahinda with mithreeපෙරේදා 31 කොළඹදී පැවති ශ්‍රීලනිප මුස්ලිම් සම්මේලනයේ දී ෆයිසර් මුස්තාපා සහ ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් කළ කතාවක් හේතුවෙන් ඊට සහභාගී වූ නියෝජිතයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර විශාල ගාලගෝට්ටියක් දක්වා මෙම වීරෝධතාව වර්ධනය වී ඇත.

“මෙවර මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා මාකට් කළ නොහැකි බවත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත”

මෙම ප්‍රකාශයෙන් පසු නැගී සිටි කුරුණෑගල නාගරික මන්ත්‍රී අබ්දුල් සහාර් ජනවාරි 08 වැනිදා වනතුරු මහින්ද රාජපක්ෂ මහතාට ජය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනතාව අතරට ගිය ෆවුසි අමාත්‍යවරයා ඉන් පසුවදා සිට මහින්ද රාජපක්ෂ මහතා නරක් වූයේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කර තිබේ.

මේ අතරවාරයේ පිරිස මැදට පැමිණි නවුෆර් ෆවුසි මහතා මහින්ද රාජපක්ෂගෙන් කාපු ගුණයවත් මේ අයට නැතැයි දැඩි විවේචනාත්මකව අදහස් දක්වා තිබේ.

තමන් බොහෝ දෙනෙක් දේශපාලන කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත් ජේ්‍යෂ්ඨ දේශපාලකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හිත දිනාගෙන ඇමතිකම් ලබා ගැනීම සදහා මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරන බවත් අබ්දුල් සහාර් මන්ත්‍රීවරයා පවසද්දී ෆයිසර් මුස්තාපා සහ ෆවුසි අමාත්‍යවරුන් නිහඩව සිට තිබේ.

මේ තත්ත්වය ගාලගෝට්ටියක් දක්වා වර්ධනය වෙද්දී ඊට මැදිහත් වූ හිටපු අමාත්‍ය ඒ.එල්.එම් හිස්බුල්ලා මුස්ලිම් ජනතාව අතර මහින්ද රාජපක්ෂ මහතා මාකට් කළ නොහැකිවාක් මෙන්ම සිංහල ජනතාව අතරේ සිරිසේන මහතාව මාකට් කළ නොහැකි බව පවසමින් මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව කිසිසේත්ම සිංහල ජනතාව අතරට යාමට ශ්‍රීලනිපය ට නොහැකි බවද ප්‍රකාශ කර ඇත.

මෙම සමුළුව පවත්වා ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ෆවුසි අමාත්‍යවරයාගේ නිල නිවසේදී ය.

Related posts

“ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළා.. ඔවුන්ට කරන දේ ගැන අපි සාකච්ඡා කරනවා” – චන්ද්‍රිකා

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday

“සිංහලේ, බොදුබල සේනාව තහනම් කරන්න“ – යාපනේ කතෝලික පූජකවරු ඉල්ලයි

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday