Colombo Today Local News

“සිංහලේ, බොදුබල සේනාව තහනම් කරන්න“ – යාපනේ කතෝලික පූජකවරු ඉල්ලයි

jafna catolic anti sinhale

බොදු බල සේනාව, සිංහලේ වැනි සංවිධාන තහනම් කරන ලෙස උතුරේ කතෝලික පූජකවරුන් ඉල්ලීමක් කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සදහා යෝජනා ලබා දෙමින් ඔවුන් සදහන් කරන්නේ බොදු බල සේනා වැනි සංවිධාන තහනම් නොකළොත් නැවතත් යුද්ධයක් ඇතිවන බවයි. එම නිසා එවැනි සංවිධාන තහනම් කරන ආකාරයේ නීති නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව ඔවුන් යෝජනා කර තිබෙනවා.

බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධානවලට එරෙහිව කතෝලික සභාවේ ප්‍රධානියා වන මැල්කම් රංජිත් කාදිනල්වරයාද අවස්ථා ගණනාවකදී අදහස් දක්වා තිබුණු අතර “සිංහලේ“ සංකල්පයට එරෙහිව අදහස් දක්වමින් කාදිනල්වරයා මෑතකදී ප්‍රකාශ කළේ මේ රට සිංහලේ නොවන බවත්, රට තුළ ජාතිවාදය ඇවිස්සෙන බැවින් වහා එම සංවිධාන තහනම් කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් සිංහල බෞද්ධ සංවිධාන තහනම් කළ යුතු යැයි කියන කාදිනල්වරයා සහ කතෝලික පූජකවරු මෙරට ක්‍රියාත්මක දරුණු ගණයේ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන පිළිබදව, ද්‍රවිඩ බෙදුම්වාදය හෝ කොටි ත්‍රස්තවාදයට එරෙහිව මේ වනතෙක් වචනයක්වත් කතා කර නැහැ.

Related posts

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

එළවළු මිල 100% කින් ඉහළට

Admin

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

මීතොටමුල්ලේ තරුණියන්ට බෙදූ තිසර පටවලින් සැකකටයුතු පෙති, ජෙල් වර්ගයක් මතුවෙයි (Photo)

colombotoday