Colombo Today Local News

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව ඇතුළු ප්‍රදේශ රැසකට ඉකුත් දින කිහිපය පුරා අධික වර්ෂාවක් පතනය විය.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 575ක් ද යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2000කට වැඩි සංඛ්‍යාවක්ද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 800ක් පමණද අවතැන් වී ඇති බවට හදුනාගෙන ඇති බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1251ක් ද අවතැන් වී සිටින බව වාර්තා වනවා.

උතුරු පිවිසුම් මාර්ග රැසක්ද ගංවතුර තත්ත්වයෙන් අවහිර වී ඇති බවත් සඳහන්. මේ අතර දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පීඩන අවපාතය මේ වන විට ශ‍්‍රී ලංකාවට ඊසාන දෙසින් ඉතා ආසන්නව ස්ථානගතව පවතිනවා. එහි බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් අද (15) දිනයේදී පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

army cttapada 2222apada 1111image5

Related posts

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday